සිඩ්නි නිවසේ පිපිරීමෙන් පසු අතුරුදන් වූ කාන්තාව සොයන මෙහෙයුමේ අලුත්ම තත්වය

බටහිර සිඩ්නි හි Whalan නිවාස සංකීර්ණයේ පිපිරීමෙන් පසු සුන්බුන් අතර සිරවී සිටින කාන්තාවක් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදු වෙමින් පවතිනවා.

පැවති අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ සහන කණ්ඩායම් රාත්‍රිය පුරා සෝදිසි කිරීම්වල නිරත වූ බවයි වාර්තා වන්නේ.

ඊයේ පස්වරු 1ට පමණ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ අවුරුදු 60 සහ 70 වයස්වල කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළුව 5 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

පිපිරීමෙන් දෙමහල් නිවස සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර අසල්වැසි නිවසකට ද එමගින් හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුවන විට අදාළ නිවසේ දෙවන මහලේ සිටි කාන්තාවක් පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැති අතර ඇය සොයා අද දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඊයේ රාත්‍රියේ සුන්බුන් අතරින් කිසියම් දෙයකට තට්ටු කරන ශබ්දයක් ඇසුණ ද මේවන විට එම ශබ්දය ද නොඇසෙන බව සහන කණ්ඩායම් ප්‍රකාශ කළා.

පිපිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැති අතර ගෑස් කාන්දුවක් වන්නට ඇති බවටයි නිව් සවුත්වේල්ස් පොලිසිය සැක කරන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »