MyGov සඳහා ප්‍රධාන වෙනස්කම් කිහිපයක්

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජයේ සේවා සපයන ප්‍රධානතම මාර්ගය වන MyGov සඳහා ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට තීරණය වී තිබෙනවා.

පසුගිය වසර 05 තුළදී MyGov ගිණුම් සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවී ඇති අතර දිනපතා මිලියන 1.4 ක පිරිසක් එය භාවිතයට ගන්නා බවටයි තහවුරු වී ඇත්තේ.

දැනට ඔස්ටේ්‍රලියානුවන් අතුරින් මිලියන 25 කට වැඩි සංඛ්‍යාවකට MyGov ගිණුමක් ඇති අතර ඉන් සියයට 75 ක් පමණ පවසා තිබුණේ වැඩිදියුණු කිරීම් සිදුකල යුතු බවයි.

නව සංශෝධන යටතේ ප්‍රාන්ත රජයන් විසින් සිදුකරන සේවා සියල්ල MyGov යටතට පත් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

පැවති ලිබරල් සන්ධාන රජය විසින් වාර්ෂිකව ඩොලර් මිලියන 100 ක මුදලක් MyGov සඳහා වෙන්කර තිබූ අතර වත්මන් රජය විසින් එය ඩොලර් මිලියන 138 දක්වා වැඩි කරනු ලැබුවා.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »