ඔස්ටේ්‍රලියා ආර්ථිකය ගැන අනතුරු ඇගවීමක්

ලබන අගෝස්තු මාසය වනවිට තවත් අවස්ථා 04 කදී පමණ ඔස්ටේ‍රලියාව තුළ නිවාස පොළී අනුපාත ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අගවනවා.

ඒ අනුව අගය අගෝස්තු මාසය වනවිට සියයට 4.1 ක් දක්වා ඉහළ ගොස් තිබිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

පෙබරවාරි – මාර්තු – මැයි සහ අගෝස්තු මාසවලදී ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොළී අනුපාතික අගයන් ඉහළ දමනු ඇති බවට පුරෝකථනය කෙරෙනවා.

ඩොලර් ලක්ෂ 05 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකුට මේ අනුව සිය මාසික වාරිකය තවත් ඩොලර් 300 කින් පමණ ඉහළයනු ඇතැයි අපේක්ෂිතයි.

ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය මේ වනවිට සියයට 7.8 ක් ලෙස පවතින්නේ වසර 30 ක උපරිම අගයට ළගාවෙමිනුයි.

මේ අතර ලබන වසරේ ජනවාරි මාසය වනවිට ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය සියයට 4.5 ක් දක්වා වැඩිවනු ඇති බවටත් ඒ වනවිට තවත් 100,000 කට ආසන්න පිරිසකට රැකියා අහිමිවිය හැකි බවටත් අනතුරු ඇගවෙනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »