ඔස්ටේ‍රලියාවේ පළමු මහජන IVF සායනය මෙල්බන් නගරයේ

ඔස්ටේ‍රලියාවේ පළමු මහජන IVF සායනය මෙල්බන් නගරයේදී විවෘත කර තිබෙනවා.

ගර්භණීභාවය සම්බන්ධ ගැටලු ඇති ඕනෑම කාන්තාවකට ඒ හරහා නොමිළයේ ප්‍රතිකාර ගැනීමට අවස්ථාව පවතින බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

Royal Women’s Hospital සහ Monash Health විසින් ඒකාබද්ධව මෙම සායනය පවත්වාගෙන යන අතර වසරකට කාන්තාවන් 4000 ක් පමණ එමගින් සේවා ලබාගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ගර්භණීභාවය සම්බන්ධ ගැටලු පවතින නමුත් ප්‍රතිකාරවල අධික වියදම හමුවේ දුෂ්කරතාවයට පත්ව සිටින කාන්තාවන්ට මෙමගින් සහනයක් අත්වනු ඇති බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

2018 වික්ටෝරියා මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් අනුවයි ඩොලර් මිලියන 70 ක වියදමින් මෙම සායනය ඉදි කරනු ලැබ ඇත්තේ.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »