“වික්ටෝරියානු දේශ සීමාවන් වසා දැමීම ඇඩිලේඩ් හි ළදරු මරණ හතරට සම්බන්ධයක් නැත​”Andrews පවසයි.

“වික්ටෝරියානු දේශ සීමාවන් වසා දැමීම ඇඩිලේඩ් හි ළදරු මරණ හතරට සම්බන්ධයක් නැත​”Andrews පවසයි.

Victoria’s COVID lockdown did not contribute to four SA baby deaths- Andrews

වික්ටෝරියානු අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඇඩිලේඩ් හි කාන්තා හා ළමා රෝහලේදී ළදරුවන් සිව් දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් මෙල්බර්න් හි දේශ සීමාවන් වසා දැමීම කිසිදු අදාලත්වයක් නැති බවයි.

පසුගිය මාසය ඇතුලත ඇඩිලේඩ් ළමා රෝහලේ ළදරුවන් සිව් දෙනෙකු හෘද රෝග වැළඳී මිය ගොස් ඇත​.

විශේෂිත හෘද රෝග අවශ්‍ය වූ දරුවන් සාමාන්‍යයෙන් මෙල්බර්න් හි රාජකීය ළමා රෝහලට (Royal Children’s Hospital)  මාරු කරනු ඇත.

කෙසේ වෙතත්, කාන්තා හා ළමා සන්ධානය (Women’s and Children’s Alliance) කියා සිටින්නේ ප්‍රාන්ත අතර සංචාරය සීමා කර ඇති නිසා සහ​ ඇඩිලේඩ් හි සේවාවන් නොමැතිකම ළදරුවන්ගේ මරණයට හේතු වූ බවයි.

වික්ටෝරියානු අගමැති Daniel Andrews පැවසුවේ ඔහුට ලබා දුන් උපදෙස් මත ඔහුගේ රජයේ සෞඛ්‍ය බලධාරීන් බරපතල ලෙස රෝගාතුර වූ දරුවන් වික්ටෝරියා වෙත ප්‍රවාහනය කිරීම වළක්වා නොමැති බවයි. එය දකුණු ඕස්ට්‍රේලියානු රජයේ වෛද්‍ය අංශය ගත යුතු තීරණයක් බව ඔහු පවසයි.

 

 

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »