ඉතාම දැඩි අන්තර්ජාල වාරණ පැණවූ රටවල් 10 ට ශ්‍රී ලංකාවත්

2022 වසරේදී ඉතාම දැඩි අන්තර්ජාල වාරණ පැණවූ රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද නම් කර තිබෙනවා.

ගෝලීය අන්තර්ජාල වාරණ වාර්තාවේයි මේ බව දැක්වෙන්නේ.

අන්තර්ජාල බිඳවැටීම් හමුවේ පසුගිය වසරේදී ලොව පුරා බලපෑම් එල්ලවු පුද්ගලයන් සංඛ්‍යාව බිලියන 4.2 ක්.

වැඩිම අන්තර්ජාල වාරණ ක්‍රියාත්මක වූ කලාපය ලෙස මෙම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවද අයත් ආසියානු මහද්වීපයයි.

සමාජ – ආර්ථික ගැටලු මෙන්ම විවිධ ප්‍රචණ්ඩ සිදුවීම් වැනි දෑ පාලනය කිරීමේ අරමුණ ඇතිව රටවල් 32 ක පසුගිය වසරේදී විවිධ අන්තර්ජාල වාරණ පණවා තිබුණා.

ශ්‍රී ලංකාව තුළ පසුගිය වසරේදී පැවති ප්‍රචණ්ඩ සිදුවීම් හමුවේයි ෆේස්බුක් – වට්ස් ඇප් ඇතුලු සමාජ ජාල අවහිර කෙරුණේ.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »