කටුනායකින් යද්දි $ 60 ක් ගෙවිය යුතු කථාව ගැන පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ඩොලර් 60ක අපගමන බද්දක් ගෙවිය යුතු බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

සභාපතිවරයා සඳහන් කර සිටින්නේ නව රජය විසින් මෙරටින් පිටව යන පුද්ගලයින් සඳහා නව බදු පැනවීමක් සිදුකර නොමැති බවයි.

එමෙන්ම මෙම අපගමන බද්ද පැරණි එකක් වන බවත් එය ගුවන් මගියාගේ ගුවන් ප්‍රවේශපතට ඇතුලත්වී ඇති ගාස්තුවක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

ගෙවිය යුතු අපගමන බද්ද සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කර තිබෙනවා.

එමගින් මත්තල ගුවන් තොටුපොළ හරහා ගුවන් ගතවන මගීන් එම බද්දෙන් නිදහස් කර තිබෙනවා.

සිඩ්නි උද්‍යානයක තවත් පිහි ඇනුමක්

සිඩ්නි හෙබර්ෂාම් ප්‍රදේශයේ උද්‍යානයක පාපන්දු ක්‍රීඩා තරගයක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෑත කාලීන ඔස්ට්‍රේලියානු ළදරුවන්ට නම් තියන හැටි අධ්‍යයනයකින් හෙළිවෙයි

අලුත උපන් ඔස්ට්‍රේලියානු ළදරුවන් සඳහා නම් තැබීමේ දී ශාඛ නාම, විවිධ වර්ණ සහ මැණික් වර්ගවල නම් භාවිත කිරීමට දෙමාපියන් වැඩි වශයෙන් යොමු වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීමෙන් සුනාමි අවදානමක්

ඉන්දුනීසියාවේ රුආන්ග් ගිනිකන්ද යළිත් පුපුරා යාමත් සමඟ සුනාමි අවදානමක් හේතුවෙන් 12,000ක් පමණ ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

Read More »

රූපවාහිනී නාලිකා ප්‍රධානියෙක් ලෙස කාන්තාවන් පසුපස ගිය ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී සිර දඬුවම්

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විධායකයක නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් කාන්තාවන්ට අසභ්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රී ලාංකිකයෙකු නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »