රට යන්න වීසා ඉල්ලන සියලු ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

මාධ්‍ය නිවේදනය

කොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනය

2022.11.16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2306/35ට අනුව‚ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් 2023 ජනවාරී මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලේඛන/සහතික සත්‍යාපන කිරිමට අදාල ගාස්තු සංශෝධනය කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ එහි ප්‍රාදේශීය කාර්යාල මගින් ලේඛන/සහතික සත්‍යාපනය කිරිමට අදාල නවතම ගාස්තු සංශෝදනයන් පහත පරිදි වේ.

කොන්සියුලර් කාර්යය                                                                                                                                 ගාස්තු (රු.)

  1. විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විභාග සහතික                                                                 800.00
  2. විදේශීය පුරවැසියෙකු සදහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලදඕනෑම ලේඛනයක්                               3000.00
  3. යම් අපනයන ලේඛනයක්                                                                                                                          8000.00
  4. වෙනත් යම් ලේඛනයක්                                                                                                                             1200.00

විදේශගත ශ්‍රී ලාංකිකයින් සදහා අදාළ වන සංශෝධිත ගාස්තු සදහා කාරුණාකර 2022.11.16 දිනැති අංක 2306/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 දෙසැම්බර් 30 වැනි දින

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »