ක්‍රිකට් ක්‍රීඩකයන්ට දෙන්න $ 250,000 ක් සොරකම් කලැයි මෙල්බන් ලාංකිකයෙකුට චෝදනා

මෙල්බර්න් හි ප්‍රාදේශීය ක්‍රිකට් තරගාවලියකට ඉහළ පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙකු එක්කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 250,000කට ආසන්න මුදලක් සොරකම් කළ බවට මෙල්බර්න් ඩොන්කැස්ටර් හි පදිංචි 35 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

සැකකරු වසරකට වැඩි කාලයක් තිස්සේ තම සේවායෝජකයාගේ බැංකු ගිණුමෙන් මෙම මුදල් පැහැරගෙන ඇති බව සඳහන්.

35 හැවිරිදි සැකකරුට මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සොරකම් කිරීම සහ වංචා කිරීම සම්බන්ධ වැරදි 19 ක් සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය චෝදනා කරන්නේ සැකකරු ඔහුගේ සේවායෝජකයා වන ඔම්නි විෂන් සමාගම සඳහා සී.සී.ටී.වී මාස්ටර්ස් නම් නීත්‍යානුකූල සැපයුම්කරුවෙකු ලෙස පෙන්වූ ව්‍යාජ සැපයුම්කරුවෙකු වෙනුවෙන් ගැනීමේ නියෝග සහ බදු ඉන්වොයිස් ව්‍යාජ ලෙස සකස් කර ඇති බවයි.

2021 මාර්තු සිට 2022 ජූලි දක්වා කාලය තුළ විවිධ අවස්ථා 18කදී සැකකරු විසින් මෙවැනි ව්‍යාජ මිළදී ගැනීමේ නියෝග සහ බදු ඉන්වොයිස් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය චෝදනා කරනවා.

මෙම මුදල් අදාළ පුද්ගලයා විසින් ඔහුගේම ව්‍යාපාරයකට යොදවා ඇති බවත්, එම ව්‍යාපාරය හරහා දේශීය තරග සඳහා සහභාගි වීමට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙකුට ගෙවීම් සිදුකර ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් නොවැම්බර් 24 වැනි දින අධිකරණය හමුවේ මෙම චෝදනා ගොනු කරන අවස්ථාව වන විටත් මෙම කිසිදු ක්‍රීඩකයෙකු තරග සඳහා සහභාගි වී නොමැති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

ලබන පෙබරවාරි මාසයේදී නඩුව නැවත අධිකරණයේදී කැඳවීමට නියමිතයි.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »