ඔස්ටේ්‍රලියාවේ පළතුරු කැඩීමේ රැකියා ගැන අලුත් ආරංචියක්

ඔස්ටේ්‍රලියාව තුළ පළතුරු කැඩීමේ නිරත සේවකයන්ගේ කාර්යක්ෂමතාව මැනීමට නව ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් නිර්මාණය කර තිබෙනවා.

ඒ ඔවුන්ද අවම වැටුපට යටත්විය යුතු බවට නව නීති සම්මතවීමත් සමගයි.

පළතුරු කැඩීමේ නිරත සේවකයන්ට දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක වූ කරන වැඩ කොටසට ගෙවීමේ ක්‍රමය මීට සති කිහිපයකට පෙර ඉවත් කෙරුණා.

ඒ අනුව ඔවුන්ට පැයකට ඩොලර් 21.38 ක වැටුපක් අනිවාර්යයෙන් ගෙවිය යුතුයි.

ඒ අනුව ඔවුන් සේවා මුරය තුළදී කොපමණ වැඩ කොටසක් සිදුකර ඇතිදැයි මැන බැලීම මෙම ඇප්ලිකේෂනය හරහා සිදුවීම විශේෂත්වයක්.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »