මෙල්බන් එකම නිරුවත් වෙරළ රැකගැනීමට සටනක්

මෙල්බන් නගරයේ පවතින එකම නිරුවත් වෙරළෙහි එම තත්වය අවසන් කිරීමේ යෝජනාවට ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළකර තිබෙනවා.

Sunnyside North Beach, 1980 දශකයේ සිටම නිරුවත් වෙරළ තීරයක් ලෙස පැවති අතර එය තවදුරටත් එලෙසම පැවතිය යුතු දැයි ප්‍රදේශවාසීන් අතර මත විමසුමක් සිදුකර තිබෙනවා.

ඊට සහභාගී වූ Mount Eliza ප්‍රදේශවාසීන් 708 දෙනෙකු අතුරින් සියල්ලන්ම පවසා ඇත්තේ පවතින නීති මාලාව එලෙසම පවත්වාගෙන යමින් මෙල්බන් නගරයට ඇති එකම නිරුවත් වෙරළ තීරය ආරක්ෂා කරගත යුතු බවයි.

කෙසේවෙතත් පුද්ගලයන් 4000 කට ආසන්න පිරිසක් යොදාගනිමින් සිදුකල තවත් සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ සියයට 85 ට 15 ක් ලෙස බහුතරයක් මෙම වෙරළට විරෝධය දක්වන බවයි.

ඉන් වැඩි පිරිසක් Sunnyside North වෙරළට පිටස්තරව වාසය කරන පුද්ගලයන් බවද සඳහන්.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »