PHOTOS : එළියට ආ ධනුෂ්කගේ සේයා රූ එළියට

ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමෙන් අනතුරුව දැක්වෙන දර්ශන කිහිපයක් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමට සිඩ්නිහි “ඩව්නිං සෙන්ටර්” අධිකරණය පසුගිය 17 වනදා නියෝග කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 මුදල් ඇපයක් මත මුදාහැරුණු ධනුෂ්ක ගුණතිලකට තවත් දැඩි ඇප කොන්දේසි රැසක් පනවා තිබුණි.

එසේම ඔහුට තවත් ඔස්ට්‍රේලියානු ඩොලර් 50,000ක මුදලක් තැන්පත් කිරීමට නියෝගකර ඇති අතර ඇප කොන්දේසි උල්ලංඝනය කළහොත් එම මුදල අහිමිවෙයි.

ඇප කොන්දේසිවලට අනුව ධනුෂ්ක ගුණතිලකට සෑම දිනකම ඊස්ට්වුඩ් පොලීසියට වාර්තා කරන ලෙස නියෝග කර ඇති අතර රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් සිදුකිරීමද තහනම් වෙයි.

සිඩ්නි හි නැගෙනහිර “රෝස් බේ” හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී  සිඩනි හෝටලයේදී, සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්විය.

ධනුෂ්ක ගුණතිලකගේ ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණය භාරයේ පවතින අතර නඩුව යළි ජනවාරි 12 වනදා කැඳවීමට නියමිතව තිබේ.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »