ධනුෂ්ක ගැන කණගාටුයි – නායක දසුන් කියයි

මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ධනාත්මක මෙන්ම ඍණාත්මක අවස්ථාවලට මුහුණ දීමට සිදු වූ බවත්  කණ්ඩායම හැමවිටම උපරිමයෙන් ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ශ්‍රී ලංකාවට පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද (07) උදෑසන පැවසීය .

එසේම තමන් ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම පිළිබඳව කනගාටු වන බව ද වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන තරගාවලියට සහභාගී වීමට තමන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන බව ද දසුන් ශානක කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය.

වෙනත් කිසිවක් ප්‍රකාශ නොකළ දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම කඩිනමින් ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට අද (07) උදෑසන 08.27ට පැමිණ තිබුණි.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »