නවසීලන්තයට පහසු ජයක්

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ නවසීලන්තය සහ අයර්ලන්තය අතර අද (04) පැවැති තරග ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තය ට ලබාදීමටය.

ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී නවසීලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 185ක් ලබාගත්තේය.

ලකුණු 186ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි අයර්ලන්ත පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 150ක් පමණි.

අයර්ලන්ත කණ්ඩායමේ වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ජොස් ලිට්ල් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේය.

ඒ නවසීලන්ත ඉනිමේ 18 වැනි පන්දු ඕවරයේ 2වැනි, තුන්වැනි සහ සිව්වැනි පන්දුවලින් පිළිවෙලින් කේන් විලියම්සන් (ලකුණු 61), ජේම්ස් නීශම් (00) සහ මිචෙල් සැන්ටර් (00) දවාගනිමිනි.

නවසීලන්ත – අයර්ලන්ත තරගය 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයකි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »