බ්‍රිස්බන් ක්‍රීඩාංගණයට දැඩි වර්ෂාවක ළකුණු

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන තරගය පැවැත්වෙන බ්‍රිස්බන් ගැබා ක්‍රීඩාංගණයට අද දහවල් කාලයේ සිට දැඩි වර්ෂාවක් ඇද හැලිය හැකි බවට කාළගුණ අනාවැකියේ දැක්වෙනවා.

එහි සම්භාවිතාවය සියයට 100 ක්.

කිසියම් අයුරකින් තරගය අතහැර දැමුවහොත් කණ්ඩායම් 02 ටම එක් ප්‍රසාද ළකුණක් බැගින් පිරිනැමෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පූර්ව බලාපොරොත්තු මේ වනවිට බිඳවැටී ඇති අතර කිසියම් අයුරකින් කාණ්ඩයේ මුල් ස්ථාන 04 ට පිවිසීමට හැකිවුවහොත් ලබන පන්දුවාර 20 ලෝක කුසලානයේදී තෝරා ගැනීම් වටයකින් තොරව සෘජුවම සුපිරි 08 දෙනා අතරට පිවිසීමට හැකිවනු ඇති.

බ්‍රිස්බන් වේලාවෙන් පස්වරු 02 ට හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 09.30 ටයි තරගය ආරම්භ වන්නේ.

සුපිරි 12 වටයේ මේ දක්වා සහභාගී වූ තරගවලින් ශ්‍රී ලංකාව ජය ගත්තේ අයර්ලන්තයට එරෙහි තරගය පමණයි.

නවසීලන්තය සහ ඔස්ටේ‍රලියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර ප්‍රසාද ළකුණු සටහනේ ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ 05 වන ස්ථානයයි.

ඇෆ්ඝනිස්ථානය 06 වන ස්ථානයේ පසුවනවා.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »