ලාංකික සම්භවයක් ඇති තරුණයෙකුගෙන් වික්ටෝරියාවට ලොකු නම්බුවක්

තම මංගල පළමු පෙළ ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම ශතකයක් වාර්තා කිරීමට වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කරන ලාංකික සම්භවයක් සහිත ඈෂ්ලි චන්ද්‍රසිංහ තරුණයා සමත්වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් ටස්මේනියා ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව හෝබාර්ට් හිදී මේ දිනවල පැවැත්වෙන තරගයේදීයි ඊයේ (30) ඔහු එම දස්කම දක්වනු ලැබුවේ.

තමන් මුහුණ දුන් පළමු පන්දු 49 තුළදීම ඈෂ්ලි ලබාගෙන තිබුණේ එක් ළකුණක් පමණයි.

කෙසේවෙතත් ඊයේ දිනය නිමාවන විට පන්දු 333 කට මුහුණ දුන් ඔහු නොදැවී ළකුණු 119 ක් ලබා ක්‍රීඩා කරමින් සිටියා.

ඈෂ්ලි චන්ද්‍රසිංහ මීට පෙර ප්‍රාන්ත තරග සඳහා ක්‍රීඩා කර ඇතත් පළමු පෙළ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කල පළමු අවස්ථාව මෙයයි.

ඔහුගේ දස්කම් හමුවේ ඉදිරයේදී ඔස්ටේ්‍රලියා ජාතික කණ්ඩායමට පවා ක්‍රීඩා කිරීමට ඉහළ අවස්ථාවක් ඇති බවයි පැවසෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ අමාත්‍යවරුන්ට යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »