සිඩ්නි මගීන්ට සතියේ දිනවල පැය 04 ක් නොමිළයේ දුම්රිය ගමන්

නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තිය සමිති සිය වෘත්තිය ක්‍රියාමාර්ගය නැවතත් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා සිට සෑම සතියේ දිනකම පස්වරු 03 ත් රාත්‍රී 07 ත් අතර සිඩ්නි නගරයේ සියලු දුම්රිය ස්ථානවල OPAL යන්ත්‍ර අක්‍රීය කර තැබීමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.

මේ හරහා දුම්රිය ස්ථානවල පිවිසුම් ගේට්ටුද අක්‍රීය වනු ඇති.

නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තිය සමිති පවසන්නේ අදාළ කාල සීමාව තුළදි සිඩ්නි මගීන්ට නොමිළයේම දුම්රියේ ගමන් කිරීමට හැකි වනු ඇති බවයි.

දීර්ඝ කාලයක සිට පවතින සිය වෘත්තිය ඉල්ලීම් සඳහා ප්‍රාන්ත රජයෙන් මෙතෙක් නිසි විසඳුමක් නොලැබීමයි මීට හේතුව වී ඇත්තේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »