ඔස්ටේ්‍රලියාවේ ඉහළ යන ජීවන වියදම ලබන වසරේදීත්

ඉහළ යන ජීවන වියදම ලබන වසර තුළදීත් පවතිනු ඇති බවට සමාජ සේවා අමාත්‍ය Amanda Rishworth අනතුරු අගවනවා.

ඇය පෙන්වා දෙන්නේ ලෝක ආර්ථික ගැටලු – වැඩිවන පොළී අනුපාත සහ ඉහළ යන උද්ධමනය හමුවේ ජනතාවට සහන සැළසීම සඳහා අයවැය යෝජනා සකස් කිරීම ෆෙඩරල් රජයට අසීරු වනු ඇති බවයි.

පැවති ලිබරල් රජය විසින් ලබාගෙන ඇති ඩොලර් ට්‍රිලියනයකට වැඩි ණය ගෙවීමටද වත්මන් රජයට සිදුව ඇතැයි ඇය චෝදනා කර සිටිනවා.

ඉදරි අයවැයේදී child care ගාස්තු සහ ඖෂධ වර්ග රැසක ගාස්තු අඩු කෙරෙනු ඇති බවටයි සමාජ සේවා අමාත්‍යවරිය ඉගියක් පළකලේ.

එමෙන්ම වසර 04 කින් පසු paid parental leave කාලසීමාව සති 26 ක් දක්වා වැඩි කිරීමට ගනු ලැබූ තීරණයද යහපත් එකක් බව ඇය වැඩිදුරටත් කියාසිටියා.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »