ක්වන්ටාස් සේවකයන් 20,000 කට වැටුප් වැඩිවීමක්

ලබන වසරේ පළමු මාස 06 සඳහා ඩොලර් බිලියන 1.3 ක ලාභයක් අපේක්ෂා කරන බව ක්වන්ටාස් ගුවන් සේවය පවසනවා.

එමෙන්ම ණය ප්‍රමාණයද ඩොලර් ලක්ෂ 07 කින් පමණ අඩුවනු ඇති බවටයි ඔවුන් පුරෝකථනය කර සිටින්නේ.

කොවිඩ් තත්වයත් සමග දරුණු කඩා වැටීමකට ලක්වූ ගුවන් ගමන් කර්මාන්තය මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් නැවත වර්ධනයක් අත්කරගනිමින් ඇති බව ක්වන්ටාස් ප්‍රධාන විධායක නිලධාරී ඇල්න් ජොයිස් කියාසිටියා.

ඒ අනුව ලබන වසරේදී සේවක වැටුප් වැඩි කිරීම සහ ප්‍රසාද දීමනා සඳහා ඩොලර් මිලියන 200 ක මුදලක් වෙන් කෙරෙන බවයි ක්වන්ටාස් සමාගම නිවේදනය කර සිටින්නේ.

සේවකයන් 20,000 කට පමණ සියයට 2-3 ත් අතර වැටුප් වැඩිවීමක් ලබන වසරේදී හිමිවනු ඇති බවද ඇලන් ජොයිස් ප්‍රකාශ කර සිටියා.

කෙසේවෙතත් මෙම වැටුප් වැඩි කිරීම ප්‍රමාණවත් නොවන බවත් සැළසුම් කර ඇති වෘත්තීය අරගල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ක්වන්ටාස් වෘත්තිය සමිති අවධාරණය කරනවා.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »