ජොකොවිච් ගැන අන්තිම තීන්දුවක් ගැනීමේ සූදානමක්

ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සර්බියානු සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ට සහභාගීවීමට අවසර දෙන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

පසුගිය ජනවාරි මස පැවති තරගාවලියට සහභාගීවීමට පැමිණියද කොවිඩ් එන්නත්කරණයෙන් තොරවීම හේතුවෙන් ඔහු පිටුවහල් කිරීමටයි අධිකරණය නියෝග කලේ.

කෙසේවෙතත් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීමට තමා කැමැත්තෙන් පසුවන බව නොවැක් ජොකොවිච් කැමැත්තෙන් පසුවන අතර ඔස්ටේ්‍රලියා ටෙනිස් ආයතනයද ඒ සඳහා උනන්දුවක් දක්වන බව සඳහන්.

දැනට පවතින නීති අනුව එන්නත්කරණයට ලක්ව නොමැති පුද්ගලයන්ට පවා ඔස්ටේ්‍රලියාවට පැමිණිය හැකි වනවා.

එහෙත් ඔස්ටේ‍රලියාවෙන් පිටුවහල් කල අයෙකු බැවින් වසර 03 ක් යනතුරු ඔහුට නැවතත් මෙරටට ඇතුලුවිය හැකිද යන්න සම්බන්ධයෙන් විවාදාත්මක තත්වයකුයි පවතින්නේ.

ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලිය මෙල්බන් නුවරදී පැවැත්වෙන බැවින් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කරන්නේ මේ සම්බන්ධ අවසාන තීරණයක් ගැනීම ෆෙඩරල් මධ්‍යම රජයට පවරන බවයි.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »