දකුණු ඔස්ටේ්‍රලියා වැඩිහිටියන්ට දුරස්ථ ප්‍රතිකාර ක්‍රමයක්

Aged care නේවාසිකයන් වෙනුවෙන් දුරස්ථ ප්‍රතිකාර (virtual care) ලබාදීමේ වැඩසටහන පුලුල් කිරීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

රෝහල්වල හදිසි අංශවල පවතින තදබදය අවම කිරීමයි එහි අරමුණ වන්නේ.

මීට අදාළ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණු අතර එහි සාර්ථකත්වය මතයි නේවාසිකයන් 10,000 කට දුරස්ථ ප්‍රතිකාර ලබාදීමට ස්ථිරව තීරණය වී ඇත්තේ.

Aged care නේවාසිකයන් බහුතරයක්ද නව වැඩපිළිවෙල සඳහා කැමැති වී ඇත්තේ රෝහල් සඳහා යාමකින් තොරව මධ්‍යස්ථානයේදීම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට හැකිවීම හේතුවෙනුයි.

සැප්තැම්බර් මාසයේදි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ රෝගීන් ගිලන් රථවල ගතකර තිබු කාලය පැය 3,567 ක් බව පසුගියදා අනාවරණය වුනා.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »