ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් ජයක්

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මැලේසියානු කණ්ඩායම සමග අද පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් ජය ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 105ක්.

ඕෂධී රණසිංහ නොදැවී ලකුණු 23ක් රැස් කළා.

නායිකා චමරි අතපත්තු සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 21 බැගින් ලබා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 106ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 9යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 33ක් පමණයි.

කිසිදු ලකුණක් ලබා නොදී මැලේසියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හයදෙනෙකු දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සමත් වුණා.

පන්දු යැවීමේදී මල්ෂා ෂෙහානි ලකුණු දෙකකට කඩුලු 04ක් බිද හෙලුවා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »