කුඩ ඉසිලීමෙන් සිඩ්නි නගරයේ අලුත් වාර්තාවක්

වසර 72 කට පසු සිඩ්නි ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනය ලද වසර ලෙස මෙම වසර සටහන් වී තිබෙනවා.

මෙතෙක් පැවති වාර්තාව වූයේ 1950 වසර පුරා සිඩ්නි නගරයට ඇද හැලුණු මිලි මීටර් 2194 ක වර්ෂාපතනයයි.

කෙසේවෙතත් 2022 වසර අවසන්වීමට තවත් දින 86 ක් ඉතිරිව තිබියදී මෙම වසරේ සිඩ්නි නගරයට ලද සමස්ත වර්ෂාපතනය මිලිමීටර් 2199.8 ක් ලෙස සටහන්වී තිබෙනවා.

මෙම වසර පුරා අවස්ථා කිහිපයකදී ඇද හැලුණු ධාරාණිපාත වර්ෂා මෙන්ම ජල ගැලීම් හේතුවෙන් සිඩ්නි නගරයට බාධා එල්ල වුණා.

එමෙන්ම නැගෙනහිර ඔස්ටේ‍රලියාවේ ප්‍රදේශ ගණනාවක් මේ වනවිට අඛණ්ඩව 03 වනප වරටත් ලා නිනා නම් කාළගුණ විපර්යාස තත්වයටයි මුහුණදෙමින් සිටින්නේ.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »