ඔස්ටේ්‍රලියාවේ විදුලි සංදේශ නීතිවල වෙනසක්

මිලියන 10 ක පමණ පාරිභෝගිකයන්ට බලපෑම් එල්ල කරමින් ඔප්ටස් සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරයත් සමග මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට අදාළ නීති සහ රෙගුලාසි කිහිපයක් සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය තී්රණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ ගමන් බලපත් අංක – රියදුරු බලපත් අංක සහ දත්ත, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සමග හුවමාරු කරගැනීමට දුරකථන සමාගම් ඇතුලු විදුලි සංදේශ ආයතන සඳහා අවස්ථාව උදාවනවා.

කිසියම් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවකදී අදාළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් ඇතුලු අනෙකුත් සංවේදී තොරතුරු ආරක්ෂා කරගැනීමට ඒ හරහා අමතර ප්‍රතිපාදන ලැබෙනු ඇති.

කිසියම් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේදී ෆෙඩරල් රජයේ සහ ප්‍රාන්ත රජයන්හි විමර්ශන අංශ වෙත තොරතුරු ලබාදීමටත් නව රෙගුලාසි හරහා විදුලි සංදේශ සමාගම් වෙත අවස්ථාව හිමිවන බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් කියාසිටියේ.

තවදුරටත් අවශ්‍ය නොවන පුද්ගලික දත්ත ගබඩා කර ගැනීමකින් තොරව විනාශ කිරීම තවත් යෝජනාවක්.

ඉදිරි මාස 12 සඳහා මෙම නව රෙගුලාසි බලාත්මක වන අතර තවත් දීර්ඝ කරන්නේද යන්න අනතුරුව විමසා බැලීමට නියමිතව තිබෙනවා.

මෙම රෙගුලාසි බලාත්මක කිරීමට පෙර නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවිය යුතු බවත් ෆෙඩරල් භාණ්ඩාගාරිකවරයා සඳහන් කලා.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »