වීඩියෝ ගේම් එකකින් රැකියා පුරප්පාඩු පිරවීමට මැක්ඩොනල්ඩ්ස් සැරසෙයි

සේවක හිගය හමුවේ නිර්මාණය වී ඇති රැකියා පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අයදුම්කරුවන් ආකර්ශණය කර ගැනීමට අපූරු ක්‍රමයක් අනුගමනය කිරීමට මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය තීරණය කර තිබෙනවා.

ඒ මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වල රැකියා සිදු කෙරෙන ආකාරය ඇතුළත් වීඩියෝ ක්‍රීඩාවක් නිර්මාණය කරමිනුයි.

දැනට ඔස්ටේ්‍රලියාව පුරා මැක්ඩොනල්ඩ්ස් අවන්හල් 1025 ක රැකියා පුරප්පාඩු 14,000 ක් පමණ පවතින බව සඳහන්.

අවන්හල් කාර්ය මණ්ඩලය – delivery පමණක් නොව ඇතැම් අවන්හල්වල කළමණාකාර තනතුරු පවා පුරප්පාඩුවයි පවතින්නේ.

එහෙත් අයදුම්කරුවන් නිසි පරිදි නොමැතිවීම සැළකිල්ලට ගෙනයි ඔවුන් ආකර්ෂණය කරගැනීම සඳහා මෙම වීඩියෝ ක්‍රීඩාව හඳුන්වාදීමට මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය තීරණය කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »