Telstra සමාගම තුළද අනවසර දත්ත පිවිසීමක්

ඔස්ටේ්‍රලියාවේ තවත් ප්‍රධානම සන්නිවේදන සමාගමක් වන Telstra සමාගම තුළද අනවසර දත්ත පිවිසීමක් සිදුවි තිබෙනවා.

කෙසේවෙතත් කිසිදු පාරිභෝගිකයෙකුට මෙමගින් බලපෑමක් නොමැති අතර සිය සේවකයන් 30,000 කගේ පමණ පළමු නම – අවසාන නම සහ රාජකාරි විද්‍යුත් ලිපින මුදා හැරීමක් පමණක් සිදුවී ඇති බවයි Telstra සමාගම නිවේදනය කලේ.

සමාගමේ හිටපු සහ වත්මන් සේවකයන් මේ අතර වන අතර ඇතැම් දත්ත 2017 වසර දක්වා පැරණි ඒවා බවද සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් Telstra සමාගම අවධාරණය කරන්නේ මෙම අනවසර දත්ත පිවිසීම හරහා කිසිදු බලපෑමක් නොමැති බවයි.

ඔප්ටස් සමාගම දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ගොදුරුවී දින කිහිපයකින් මෙම සිදුවීම වාර්තාවීමද විශේෂත්වයක්.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »