සයිබර් ප්‍රහාර විමර්ශනයට සහය නොදෙන බවට ඔප්ටස් ට චෝදනා

මහා පරිමාණ සයිබර් ප්‍රහාරයෙන් පසු ඔස්ටේ්‍රලියානුවන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ඔප්ටස් සමාගම විසින් සහය නොදක්වන බවට ෆෙඩරල් රජය චෝදනා කරනවා.

රජයේ සේවා අමාත්‍ය බිල් ශෝට්න් සහ සයිබර් ආරක්ෂණ ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලේ රජය විසින් කල ඉල්ලීම් සඳහා සහය දැක්වීමට ඔප්ටස් සමාගම අනුගත විය යුතු බවයි.

විමර්ශන කණ්ඩායම් විසින් ඉල්ලා ඇති ඇතැම් තොරතුරු සැපයීමට ඔප්ටස් සමාගම මේ දක්වා පියවර ගෙන නොමැති බවටයි ෆෙඩරල් රජය චෝදනා කර සිටින්නේ.

සයිබර් ප්‍රහාරයට ගොදුරු වූ පාරිභෝගිකයන්ගේ medicare සහ centrelink තොරතුරු ලබාදෙන ලෙස ෆෙඩරල් රජය ඔප්ටස් සමාගමට දැනුම් දී ඇත්තේ පසුගිය 27 වනදායි.

දවස් 05 ක් ගතවී ඇතත් එම තොරතුරු මෙතෙක් ලබා දී නොමැති බවයි ෆෙඩරල් රජය අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »