Cranbourne පුරා පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා ජාවාරමක් වටලයි

මාස 09 කට ආසන්න කාලයක් පුරා මෙල්බන් නගරයේ සිදුකල විමර්ශනයකින් පසු මහා පරිමාණ ගංජා වගාවක් පවත්වාගෙන ගිය පුද්ගලයන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගංජා පැල 760 ක් ද සමගයි.

Narre Warren හි නිවසක තිබි පළමුවෙන් ගංජා පැළ 314 ක් හමුවූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි.

එහිදී කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන තිබුණේ නැහැ.

පසුව Cranbourne හිදී තවත් ගංජා පැළ 264 ක් අගෝස්තු 24 වනදා පොලිස් භාරයට ගෙන තිබුණා.

සැප්තැම්බර් 30 වනදා Cranbourne හිදි ගංජා පැළ 185 ක් සමග සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම සිදුවීම්වලට අදාලවයි.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොවුන් Cranbourne ප්‍රදේශය පුරා මෙම ගංජා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »