ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලකුණු 33 ක ජයක්

රෝඩ් සේෆ්ටි ලෝක ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 33කින් ජය ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

රායිපූර් හිදී යි තරගය පැවැත්වුණේ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 195 ක්.

ආරම්භක පිතිකරු නාමන් ඕජා නොදැවී ලකුණු 108යි.

නායක සචින් තෙන්ඩුල්කාර් කිසිදු ලකුණක් නොලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට නුවන් කුලසේකර සමත්වුණා.

විනේ කුමාර් ලකුණු 36යි. යුවරාජ් සිං ලකුණු 19ක් ලබාගත්තා. ඉර්ෆාන් පතන් ලකුණු 11යි.

යුසුෆ් ෆතාන් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

මේ අනුව රෝඩ් සේෆ්ටි ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 196ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 162ක් පමණයි.

ජීවන් මෙන්ඩිස් ලකුණු 20ක් අසේල ගුණරත්න ලකුණු 19 ක් නායක තිලකරත්න දිල්ෂාන් ලකුණු 11ක් සහ උපුල් තරංග ලකුණු 10ක් ලබාගත්තා. දිල්ෂාන් මුණවීර ලකුණු 9යි.

ඉෂාන් ජයරත්න ලකුණු 51ක් සහ මහේල උඩවත්ත ලකුණු 26ක් ලබාගත්තා.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »