Aldi ජනප්‍රිය Chips වර්ගයක් අලෙවිය වහාම අත්හිටුවයි

Aldi මගින් අලෙවි කරන ජනප්‍රිය snacks වර්ගයක් වන Sprinters Crinkle Cut Multi Pack Chip අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ ප්ලාස්ටික් විශේෂයක් මිශ්‍රවීම හමුවෙි අසාත්මිකතා මතුවීම හේතුවෙනුයි.

නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ විසින් මෙය පළමුවෙන් හදුනාගෙන තිබූ අතර අනතුරුව සියලුම ප්‍රාන්තවල Aldi අලෙවිසැල් වෙත එය දන්වා තිබුණා.

2023 ජනවාරි 01 දින දක්වා කල් ඉකුත්වීමේ දින සහිත සියලුම Sprinters Crinkle Cut Multi Pack Chip මේ අනුව අලෙවියෙන් ඉවත් කර තිබෙනවා.

කිසියම් පාරිභෝගිකයෙකු විසින් දැනටමත් ඒවා මිළදී ගෙන ඇතිනම් Aldi වෙත ඒවා භාරදී මුදල් ආපසු ලබාගත හැකියි.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »