හුදකලා කාලය අහෝසි කිරීමට ගත් තීරණයට සෞඛ්‍ය අංශ විරෝධය

කොවිඩ් ආසාධිතයන් සහ ආශ්‍රිතයන් සඳහා බලපැවැත්වූ හුදකලා කාලය මුලුමනින්ම අහෝසි කිරීමට ජාතික කැබිනට්ටුව ගත් තීරණයට සෞඛ්‍ය අංශ විරෝධය පළකරනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ එක් වරම අහෝසි කිරීමකින් තොරව තවත් කාලයක් ගතවීමෙන් අනතුරුව මෙම තීරණය ගත්තේ නම් වැදගත් බවයි.

ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමය මෙන්ම – ඔස්ටේ්‍රලියානු හෙදියන්ගේ සංගමයද මෙම ස්ථාවරයේයි පසුවන්නේ.

කිසියම් අයුරකින් නැවත කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වුවහොත් එය පාලනයට අසීරු වනු ඇතැයිද ඔවුන් අනතුරු අගවා සිටිනවා.

දැනට බලාත්මක දින 05 ක හුදකලා කාලය ලබන 14 වනදා සිට මුලුමනින්ම අහෝසි කිරීමටයි ජාතික කැබිනෙට්ටුව ඊයේ තීරණය කලේ.

මේ අනුව කොවිඩ් ආසාධිතයන්ට පවා ලබන 14 වනදායින් පසු මහජනතාව අතර සිටිමින් රැකියා – පාසල් වැනි කටයුතුවල නිරතවීමටද අවස්ථාව පවතිනවා.

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »