ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසාන මහා තරගයට

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ අද (01) පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ළකුණු 14 කින් පරාජයට පත් කරමිනුයි.

රායිපුර් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 09 ක් දැවී ලකුණු 172 ක් රැස් කලා.

තරගය ජයගැනීම සඳහා ළකුණු 173 ක ඉලක්කක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ළකුණු 158 ක් පමණයි.

මේ අනුව රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර අද රාත්‍රියේ රායිපුර් හිදී පැවැත්වෙනවා.

 

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »