ඔස්ට්‍රේලියාවේ Privacy Act ද සංශෝධනය වන ළකුණු

ඔප්ටස් සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරයත් සමග Privacy act හෙවත් පුද්ගලිකත්වය පිළිබඳ පනත ද සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

ෆෙඩරල් රජයේ නීතිපති Mark Dreyfus සඳහන් කලේ ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමෙන් පසු එම ලේඛන ළග තබා ගැනීමට සමාගම්වලට අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඔස්ට්‍රේලියාවේ අනන්‍යතාව පරීක්ෂා කිරීමේ ජනප්‍රියතම ක්‍රමය වන්නේ 100 point identity check හෙවත් ලකුණු 100 අනන්‍යතා පරීක්ෂණයයි.

මෙම ක්‍රමය යටතේ පාරිභෝගිකයින්ගේ රියදුරු බලපත්‍රවල, විදෙස් ගමන් බලපත්‍රවල පිටපත් අදාළ සමාගම් ඉල්ලා සිටිනු ලබනවා.

අනන්‍යතාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ලේඛන සහ දත්ත ඉවත් කළ යුතු බව නීතිපතිවරයාගේ මතයයි.

වංචාවට එරෙහිව පියවර ගැනීම සඳහායි මෙම ලකුණු 100 අනන්‍යතා පරීක්ෂණය 1988 සිට ක්‍රියාත්මක වීම ආරම්භ කෙරුණේ.

අදාළ ලේඛන වර්ග සඳහා ලකුණු වෙන් කර ඇති අතර විදේශ ගමන් බලපත්‍රයට, උප්පැන්න සහතිකයට සහ පුරවැසි සහතිකයට ලකුණු 70 බැගින් ලබාදෙනවා.

රියදුරු බලපත්‍රයකට වෙන් කර ඇති ලකුණු සංඛ්‍යාව 40 ක්.

වැඩි වශයෙන් දත්ත ගබඩා කර ඇති තරමට, එය ආරක්ෂිතව තබා ගැනීම පිළිබඳ විශාල ගැටළුවක් මතුවන බව නීතිපතිවරයා පෙන්වා දෙනවා.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »