Optus පාරිභෝගිකයන්ට අලුත් පාස්පෝට් එක නොමිළයේ ලැබෙන ළකුණු

සයිබර් ප්‍රහාරය හමුවේ නව විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමට සිදුවන සෑම ඔස්ටේ්‍රලියානුවෙකු සඳහාම ඊට අදාළ වියදම ඔප්ටස් සමාගම විසින් දැරිය යුතු බවට විදේශ අමාත්‍ය Penny Wong විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සෑම අයදුම්කරුවෙකු සඳහාම ඩොලර් 301 ක් වන එම ගාස්තුව දැරිය යුතු බව දක්වමින් අමාත්‍යවරිය විසින් සමාගමේ ප්‍රධානී වෙත ලිපියක් යොමු කර ඇති බව සඳහන්.

වෙනත් පාර්ශවයක අත්වැරැද්දක් හමුවේ සිදුවූ කරුණකට වන්දි ගෙවීමට බදු ගෙවන්නන් මත බර පැටවීමට රජය සූදානම් නැතැයි විදේශ අමාත්‍යවරිය අවධාරණය කරනවා.

ඔප්ටස් සයිබර් ප්‍රහාරයේදී වැඩිම වශයෙන් සොරා ගැනීමට ලක්වී ඇත්තේ ගමන් බලපත්‍ර අංක – රියදුරු බලපත්‍ර අංක – උපන්දින – ලිපින සහ මෙඩිකෙයාර් අංකයි.

ඔප්ටස් සමාගම ඊයේ පැවසුවේ නව රියදුරු බලපත්‍ර ගැනීමට දැරීමට සිදුවන පිරිවැය තමන් විසින් දරන බවයි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »