සියලුම ප්‍රාන්තවල එළුවන් සහ බැටලුවන්ට E-tag අනිවාර්ය කරයි

ඔස්ටේ්‍රලියාව තුළ බැටලුවන් සහ එලුවන් සඳහා ඉලෙක්ට්‍රොනික tag හඳුනාගැනීම් සවි කිරීම අනිවාර්ය කර තිබෙනවා.

2025 වසරේ ජනවාරි පළමුවනදා සිට එය බලාත්මක කිරීමටයි සියලුම කෘෂිකර්ම අමාත්‍යවරුන් එකග වී ඇත්තේ.

දැනටමත් ඔස්ටේ්‍රලියාව පුරා ගවයන් සඳහා මෙම ක්‍රමය බලාත්මක වුවද එලුවන් සහ බැටලුවන් සඳහා e-tag අනිවාර්ය කර ඇති එකම ප්‍රාන්තය වන්නේ වික්ටෝරියා ප්‍රාන්තය පමණයි.

අනෙක් ප්‍රාන්තවල තවමත් භාවිත වන්නේ කඩදාසි පදනම් කරගත් ක්‍රමයකුයි.

ඉලෙක්ට්‍රොනික tag භාවිතයෙන් සත්වයන්ට රෝගයක් වැළඳීමේදී පවා පහසුවෙන් සතුන් නිරීක්ෂණය කල හැකි වීම විශේෂත්වයක්.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »