ඔස්ටේ්‍රලියා ආර්ථික වර්ධන වේගය පහළ යනු ඇති බවට අනාවැකි

ලබන වසරේදී ඔස්ටේ්‍රලියාවේ ආර්ථික වර්ධන වේගය පහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

2023 වසරේදී සමස්තයක් ලෙස මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 2 ක පවතිනු ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

කෙසේවෙතත් පසුගිය ජූනි මාසයේදී නිකුත් කල ආර්ථික පුරෝකථනයේ සටහන්වූයේ ආර්ථික වර්ධන වේගය සියයට 2.5 ක් ලෙස පවතිනු ඇති බවටයි.

යුක්රේන රුසියා අර්බුදය හමුවේ ගෝලීය සැපයුම් අඩාලවීම මීට ප්‍රධානතම හේතුව බවටයි සැළකෙන්නේ.

කෙසේවෙතත් ඔස්ටේ‍රලියාව ආර්ථික අවපාතයකට ගමන් නොකරනු ඇති බවයි ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

ලබන මාර්තු මාසය දක්වා ඔස්ටේ්‍රලියාවේ පොළී අනුපාත ඉහළ දැමීම අඛණ්ඩව සිදුවනු ඇති බවද සඳහන්.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »