Optus සයිබර් ප්‍රහාරකයා $ මිලියනයක කප්පමක් ඉල්ලයි

ඔප්ටස් සමාගමට එල්ල වු දැවැන්ත සයිබර් ප්‍රහාරයේදී සොරාගත් පාරිභෝගිකයන්ගේ පුද්ගලික දත්ත අතුරින් 10,000 කගේ පමණ තොරතුරු දැනටමත් ප්‍රසිද්ධියට පත් කර ඇතැයි සයිබර් ආරක්ෂණ විද්වතුන් පවසනවා.

එමෙන්ම තමන්ට අමෙරිකානු ඩොලර් මිලියනයක කප්පම් මුදලක් නොගෙවන්නේ නම් දිනපතා 10,000 කගේ බැගින් පුද්ගලික දත්ත අන්තර්ජාලයට මුදා හරින බවටයි ඔහු අනතුරු අගවා සිටින්නේ.

මෙම සයිබර් ප්‍රහාරය කණ්ඩායමක් විසින් නොව තනි පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවට දැනට තොරතුරු පවතින බවත් විද්වතුන් සඳහන් කරනවා.

බොහෝවිට උසස් අධ්‍යාපනය හදාරන සිසුවෙකු එය සිදුකරන්නට ඇති බවටත් දැනට පවතින තොරතුරු අනුව විශ්වාස කල හැකි බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

මේ අතර දත්ත සොරාගැනීමට ලක්වූ පාරිභෝගිකයන් වෙත ඔප්ටස් සමාගම විසින් එය නිල වශයෙන් දැනුම්දීම ආරම්භ කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කිසිදු මුරපදයක් (password) හෝ ගිණුම් තොරතුරක් සොරාගැනීමට ලක්ව නොමැති නමුත් නම – උපන්දිනය – විද්‍යුත් ලිපිනය – දුරකථන අංකය වැනි දත්ත පමණක් සොරා ගැනීමට ලක්ව ඇති බවයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »