ලංකාවේ පාර්ලිමේන්තුවෙන් කෑම කෑ පිරිසක් ලෙඩවීම ගැන විමර්ශන

ආහාර විස වීමට තුඩු දුන් බව පැවසෙන පාර්ලිමේන්තුවේ ආහාර කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයාට යවා ඇතැයි වාර්තා වේ.

ආහාර විස වීමට හේතුව සොයා ගැනීම සඳහා එම ආහාර රජයේ රස පරීක්ෂක වරයාට මෙසේ යැවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවේ දිවා ආහාරය සමග මාළු ආහාරයට ගැනීමෙන් අනතුරුව එහි පොලීසියේ නිලධාරීහු දෙදෙනෙක් දැඩි ලෙස රෝගාතුර වීමෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඉකුත් 22 වැනිදා ඇතුළත් කරනු ලැබූහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ගේ නියෝගයෙන් විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භවී ඇත.

ඒ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සෙනරත් කළ පැමිණිල්ලක් අනුවය.

සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එහි භෝජනාගාර අංශයේ නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයිද වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට පෙරේදා (23) දහවල් බත් සමග ලබාදුන් හාල් මැස්සන් බැඳුමේ තිබී අඩියකට ආසන්න දිග ගෝනි නූලක්  හමුවිය.

මාධ්‍යවේදියකු ආහාර ගනිද්දී ඔහුට මෙම ගෝනි නූල හමු වීමෙන් පසු ඔහු ඒ අවස්ථාවේදීම භෝජන අංශයේ ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ගෝනි  නූල  ඔවුන්ට බාරදී ඇත.

පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් සැපයුණු ආහාරවල තිබී පණුවන් ප්ලාස්ටික් කැබලි තංගුස් නූල් කැබලි වැනි දෑ මෙයට පෙරද  වරින් වර සොයා ගැනිණ.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »