ඔස්ටේ්‍රලියාව ආර්ථික අවපාතයකට නොයනු ඇතැයි අනාවැකි

ආර්ථික අවපාතයක් කරා ඔස්ටේ්‍රලියාව ගමන් කිරීමට පෙර එම තත්වය වළක්වා ගැනීමට හැකිවනු ඇති බවට ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පළකරනවා.

රැකියා වෙළඳපොළ ශක්තිමත් මට්ටමක පැවතීම සහ ඉතුරුම් ඉහළ අගයක පැවතීම හමුවේ එවැනි අවධානමක් දැනට උද්ගතව නොමැති බවයි ඔවුන් පුරෝකථනය කරන්නේ.

අමෙරිකාව – මහා බ්‍රිතාන්‍යය – ජර්මනිය වැනි ලොව ශක්තිමත් ආර්ථිකයන් සහිත රටවල් රැසක් මේ වනවිට උද්ධමනය හමුවේ පොළී අනුපාතිකයන් ඉහළ දමමින් සිටිනවා.

ඔස්ටේ්‍රලියාවද මාස කිහිපයක සිට පොළී අනුපාත ඉහළ දමමින් සිටින අතර එය ආර්ථික අවපාතයක පූර්ව ලක්ෂණයක් බවටත් ඇතැමුන් අනතුරු අගවනවා.

කෙසේවෙතත් එවැනි අවධානමක් නොමැති බවත් ලබන මාර්තු මාසයෙන් පසුව ආර්ථිකය නැවත යථා තත්වයට පත්වනු ඇති බවටත් ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

මාර්තු වනවිට අගය සියයට 3.6 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවටත් මේ අතර අනාවැකි පළවනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »