පැයට කි.මී 233 ක වේගයෙන් ගිය අයෙකු මෙල්බන් හිදී අත්අඩංගුවට

පැයට කිලෝමීටර් 233 ක වේගයෙන් මෝටර් රථය ධාවනය කල පුද්ගලයෙකු මෙල්බන් නිරිත දිග Laverton ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Princes Freeway හිදී ධාවනය කරමින් සිටියදීයි පළමුවරට මෙම රථය පොලිසිය විසින් නිරීක්ෂණය කර ඇත්තේ.

අදාල කොටසේ උපරිම වේගය පැයට කිලෝමීටර් 100 ක් පමණයි.

පසුව ඊයේ රාත්‍රී 07.30 ට පමණ 23 හැවිරිදි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු Greenvale ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකු වන අතර රියදුරු බලපත්‍රය එම අවස්ථාවේදීම අත්හිටුවීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

මිනිස් ජීවිත අනතුරේ හෙළීම – පොලිසියට අවනත නොවීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මොහුට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.

සැකකරු ලබන පෙබරවාරි Werribee මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »