Passwords වෙනස් කරන්නැයි Optus පරිශීලකයන්ට දැනුම් දෙයි

වහාම සිය ගිණුම්වලට අදාළ මුරපද (Passwords) වෙනස් කරන්නැයි Optus සන්නිවේදන සමාගම සිය පරිශීලකයන්ට දැනුම් දෙනවා.

ඒ දැවැන්ත සයිබර් ප්‍රහාරයකින් පසු ගණුදෙනුකරුවන්ගේ පුද්ගලික දත්ත සොරාගෙන ඇතැයි කියන සිදුවීමත් සමගයි.

Optus සතුව ගණුදෙනුකරුවන් මිලියන 9.7 ක් පමණ සිටින අතර ඉන් මිලියන 2.8 කට පමණ මෙම බලපෑම එල්ල වී තිබෙනවා.

මේ අතර සයිබර් ප්‍රහාරය එල්ලවීමට පෙර ඒ බව දැන සිටි බවද එමගින් හානිය අවම කර ගැනීමට හැකිවූ බවද Optus සමාගම නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

පුද්ගලයන් ලක්ෂ 28 කගේ පමණ ගුවන් ගමන් බලපත්‍ර අංක – රියදුරු බලපත්‍ර අංක – ඊ මේල් ලිපින – නිවාස ලිපින – උපන්දින – දුරකථන අංක ඇතුලු පුද්ගලික තොරතුරු සඳහා පිවිසීමටද සයිබර් ප්‍රහාරකයන්ට මෙහිදී හැකියාව ලැබී ඇති බවටයි වාර්තා පළවන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පාරිභෝගිකයන්ගේ රහස්‍යභාවය සුරැකීමට හැකි උපරිම පියවර ගෙන ඇති බවත් Optus සඳහන් කලා.

මෑතකාලීනව ඔස්ටේ‍රලියානු සමාගමක් ලක්වූ දැවැන්තම සහ බරපතලම සයිබර් ප්‍රහාරය මෙය බවටයි සැළකෙන්නේ.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »