නිවාඩු දින ඔස්ටේ‍රලියාව පුරා ගුවන් ගමන්වලට දැඩි බාධා

නිවාඩු දිනයක් යෙදී ඇති අද ඔස්ටේ‍රලියාව පුරා ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන්වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

අයහපත් කාළගුණය හමුවේ සිඩ්නි ගුවන් තොටුපළේ ධාවන පථ 03 න් 02 ක්ම අද පෙරවරුවේ වසා දමා තිබූ අතර ගුවන් වාර 50 ක් පමණ අවලංගු කෙරුණු බව සඳහන්.

ඒ අනුව අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සියල්ල එක් ධාවන පථයක පමණක් සිදුකිරීම හමුවේ ගුවන් වාර බොහොමයක් ප්‍රමාද වන බවයි සිඩ්නි බළධාරීන් දන්වා සිටින්නේ.

එමෙන්ම සේවක හිගය හමුවේ ගුවන් මෙහෙයුම් සඳහා දැඩි බාධා එල්ල වී ඇති බවද සඳහන්.

මේ අතර පර්ත් ඇතුලු තවත් ගුවන් තොටුපළ කිහිපයකම අද පෙරවරුවේ සැළකිය යුතු මගී තදබදයන් වාර්තා වී තිබෙනවා.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »