සිඩ්නි ගුවන් තොටුපළේ රැකියා පුරප්පාඩු 4000 ක්

සිඩ්නි ගුවන් තොටුපළේ රැකියා පුරප්පාඩු 4000 ක් පමණ තවමත් පිරවීමට ඉතිරිව පවතින බවට අනාවරණ වී තිබෙනවා.

පසුගිය මාස 06 තුළදී සැළකිය යුතු පුරප්පාඩු සංඛ්‍යාවක් සම්පූර්ණ කර අවසන් කර ඇති බවද සඳහන්.

පාසල් නිවාඩු සමය එළඹිමත් සමග ඉදිරි සති 02 තුළදී සිඩ්නි ගුවන් තොටුපළේ දැඩි කාර්ය බහුල තත්වයක් නිර්මාණය වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ලක්ෂ 25 කට ආසන්න ගුවන් මගීන් පිරිසක් මෙම කාල සීමාව තුළදී ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇති බව සඳහන්.

බ්‍රහස්පතින්දා – සිකුරාදා සහ සඳුදා දිනයන් සිඩ්නි ගුවන් තොටුපළේ කාර්ය බහුලම දින ලෙසයි සැළකෙන්නේ.

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවා යයි

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවමින් සියයට 6ක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

Read More »

වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »