ට්‍රක් රියදුරන් දීර්ඝ කලක සිට කල වැරැද්දක් හෙළිවෙයි

ට්‍රක් රථ රියදුරන් විසින් දීර්ඝ කාලයක් පුරා සිදුකරගෙන ආ ක්‍රියාවක් ඔස්ටේ්‍රලියානු රථවාහන නීතියට පටහැණි බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

විශේෂයෙන් ප්‍රාදේශීය මාර්ගවලදී පසුපසින් එන වාහනවලට ඉස්සර කර යාමට ට්‍රක් රියදුරන් විසින් සංඥා කරනු දක්නට හැකියි.

කෙසේවෙතත් මෙය නීතියට පටහැණි අතර කිසිදු ආකාරයකින් ක්‍රියාවේ යෙදීමෙන් වළකින්නැයි මාර්ග ආරක්ෂක අංශ විසින් රියදුරන්ට දන්වා සිටිනවා.

ඇතැම් මෝටර් රථ හිමියන් විසින් සංඥා වරදවා වටහා ගැනීමෙන් රිය අනතුරු බහුල වූ අවස්ථාද දක්නට ලැබුණු බවට වාර්තා පළවී තිබෙනවා.

මේ අතර බටහිර ඔස්ටේ්‍රලියාවේ පතල් කර්මාන්ත ට්‍රක් රථ රියදුරන්ට අදාළ සමාගම් විසින් දන්වා ඇත්තේ කිසිදු ආකාරයකින් හස්ත සංඥා සිදු නොකරන ලෙසටයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »