වික්ටෝරියාවේ රෝහලක් රැජිණ වෙනුවෙන් නම් කරයි

මෙල්බන් Ringwood හි පිහිටා ඇති Maroondah රෝහල 02 වන එළිසබෙත් රැජිණගේ නමින් නම් කිරීමට වික්ටෝරියා පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

එමෙන්ම එම රෝහලේ වැඩි දියුණු කිරීම් වෙනුවෙන් ඩොලර් බිලියනයක මුදලක් වෙන් කරන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් මෙම යෝජනා ක්‍රියාවට නංවන බවද ඔහු කියාසිටියා.

Maroondah රෝහලේ ඉදි කිරීම් 2025 දී ආරම්භ කර 2029 වසරේ සිට අධියරෙන් අධියර විවෘත කිරීමටයි නියමිතව ඇත්තේ.

එය මුලුමනින්ම විවෘත කිරීමෙන් පසු රෝගීන් 9000 කට නේවාසිකව ප්‍රතිකාර කල හැකියි.

මේ අතර වික්ටෝරියා විපක්ෂ නායක මැතිව් ගයි ඊයේ පැවසුවේ මැතිවරණයේදී ලිබරල් සන්ධානය ජයගතහොත් ඩොලර් මිලියන 400 ක් යොදා Maroondah රෝහල සංවර්ධනය කරන බවයි.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »