යුක්රේනයේ භූගත බංකරයක සිටි ලාංකික සිසුන් 07 ක් බේරාගැනේ

රුසියානු හමුදා විසින් යුක්රේනයේ කාර්කිව් කලාපයේ පසුගිය මාර්තු මාසයේ සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු බේරා ගැනීමට යුක්රේන හමුදා සමත්ව තිබෙනවා.

ඔවුන් සියලු දෙනා Kupyansk නම් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිට ඇති බවයි යුක්රේන ජනාධිපති වොලොඩ්මිර් සෙලෙන්ස්කි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම පිරිස භූගත බංකරයක රඳවනු ලැබ සිට ඇති බවද සඳහන්.

යුක්රේන හමුදා විසින් කාර්කිව් කලාපයේ සිදුකරන ලද මෙහෙයුමක් අතරතුරදී මෙම පිරිස ගලවාගෙන තිබෙනවා.

ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා කියාසිටියේ.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »