වසර 110 කට පසු ප්‍රාන්ත 02 ක් ප්‍රාන්ත සීමා වෙනස් කර ගනී

වසර 110 කට පසු නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්ත අතර ප්‍රාන්ත සීමා වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ACT ප්‍රාන්තයේ නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්ද භූමි ප්‍රමාණයක් ලබාගැනීමට එකගතාවය පලවීමත් සමගයි.

දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සතුව පවතින හෙක්ටයාර 330 ක භූමියක් නව සංශෝධනයත් සමග ACT ප්‍රාන්තයට පවරාදීමට නියමිතයි.

ඒ සඳහා නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ විසින් අනුමැතිය දී ඇති බවයි ACT ප්‍රධාන ඇමති ඇන්ඩෲ බාර් කියාසිටියේ.

1911 වසරේදී මෙම ප්‍රාන්ත සීමා බිහි කිරීමත් සමග සංශෝධනයක් සිදුකරනු ලබන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.

ACT ප්‍රාන්ත රජය විසින් නිවු සවුත් වේල්ස් රජයට මුදල් ගෙවා මෙම භූමි ප්‍රමාණය මිළදී ගෙන ඇති බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »