ඔස්ටේ්‍රලියාවට එන සිංහ සංචිතය මෙන්න

20යි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

සංචිතයේ නායකත්වය පවරා ඇත්තේ දසුන් ශානකටයි.

ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා මෙම සංචිතයට ඇතුලත්.

එමෙන්ම වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, දිල්ෂාන් මදුෂංක සහ ප්‍රමෝද් මදුෂාන් ද ශ්‍රී ලංකා සංචිතයට නම්කර තිබෙනවා.

අතිරේක ක්‍රීඩකයින් ලෙස අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු සහ නවිඳු ප්‍රනාන්දු සංචිතයට නම්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන දෙවනදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත අතර අතිරේක ක්‍රීඩකයන් වන අශේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම එම කණ්ඩායම සමග පිටත්ව යනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගනු ලැබූ මෙම මෙම සංචිතය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය ද හිමි වුණා.

T 20 ලෝක කුසලාන තරඟාවලිය 2022 ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත් වෙනවා.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »