වසර දෙකහාමාරකට පසු මගී ප්‍රවාහන නෞකාවක් මෙල්බන් නගරයට

වසර දෙකහාමාරකට පසු පළමුවරට Cruise ship වර්ගයේ මගී ප්‍රවාහන නෞකාවක් මෙල්බන් නගරයට පැමිණ තිබෙනවා.

මගීන් 2500 ක් රැගත් නෞකාව Coral Princess අද පෙරවරු 07.30 ට පමණ මෙලෙස මෙල්බන් වරායට සේන්දු වූ බව සඳහන්.

මේ සමගම වික්ටෝරියා ප්‍රාන්තයේ මගී ප්‍රවාහන නෞකා කර්මාන්තය යළිත් ආරම්භ වී ඩොලර් මිලියන ගණනක ආදායමක් නැවතත් හිමිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

නොවැම්බර් මාසයේ සිට ග්‍රීෂ්ම සෘතුව පුරා මගී ප්‍රවාහන නෞකා 13 ක් මෙල්බන් වරායට පැමිණීමට මේ වනවිටත් තහවුරු කර තිබෙනවා.

එමගින් වික්ටෝරියා ආර්ථිකයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන මුදල ඩොලර් මිලියන 115 ක්.

කොවිඩ් වසංගතය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයට මගී ප්‍රවාහන නෞකා පැමිණීම නතරවී තිබූ අතර එමගිග් වසරකට අහිමිවූ මුදල ඩොලර් බිලියන 05 ක්.

Melbourne Cup සහ Australian Open වැනි ක්‍රීඩා ඉසව් ඉලක්ක කර ඉදිරියේදී මගී ප්‍රවාහන නෞකා ගෙන්වා ගැනීමටද සැළසුම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »