කොවිඩ් දීමනාව සැප්තැම්බර් 30 න් පසුවත්

කොවිඩ් වසංගත දීමනාව සැප්තැම්බර් 30 වනදායින් පසුවද ගෙවීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ ජාතික කැබිනෙට්ටුවේදී සියලු ප්‍රාන්ත අගමැතිවරුන් විසින් ඊට අනුමැතිය දුන් බවයි.

කොවිඩ් ආසාධිතයෙකු හෝ ආශ්‍රිතයෙකු බවට පත්ව හුදකලාව සිටීම හමුවේ රැකියා පැය ගණනක් අහිමිවන වයස අවුරුදු 17 ට වැඩි ඔස්ටේ්‍රලියානු පුරවැසියන් වෙනුවෙන් දීමනාවක් මේ දක්වා ගෙවනු ලැබුවා.

ඒ අවම වශයෙන් සතියකට පැය 08 ක සේවා කාලයක් අහිමිවූයේ නම් ඩොලර් 450 ක් ලෙසද – පැය 08 ත් 20 ත් අතර කාලයක් අහිමිවූයේ නම් ඩොලර් 750 ක් ද ලෙසයි.

එය ලබන 30 වනදායින් අවසන්වීමටයි නියමිතව තිබුණේ.

හුදකලාව සිටීමේ රෙගුලාසි තවදුරටත් බලාත්මක වන බැවින් දීමනාවද අඛණ්ඩව ගෙවිය යුතු බවට එකගතාවය පළවූ බවයි අගමැති ඇල්බනීස් සඳහන් කර සිටියේ.

කෙසේවෙතත් මාස 06 ක කාලයක් තුළ උපරිම අවස්ථා 03 ක් සඳහා පමණක් මෙම දීමනාව ගෙවීමට සංශෝධනය වී තිබෙනවා.

මේ දක්වා ගෙවා ඇති සමස්ත දීමනා ප්‍රමිනය ඩොලර් බිලියන 2.2 ක්.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »